WordPress.org

Sinhala

Ready to get started?Download WordPress

ආයුබෝවන්!

Localized version screenshot

වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවියට සාදරයෙන් පිළිගනිමු. වර්ඩ්ප්‍රෙස් යනු වෙබ් ප්‍රමිතීන්, භාවිත හැකියාව, අලංකාරය යන සියල්ලටම මුල් තැන ලබාදෙන නවීන බ්ලොග්කරණ මෘදුකාංගයකි. වර්ඩ්ප්‍රෙස් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන අතර එය මිළ කළ නොහැකි වටිනාකමකින් යුක්ත වන්නකි.

කෙටියෙන්ම කිවහොත්, වර්ඩ්ප්‍රෙස් යනු ඔබේ බ්ලොග්කරණ මෘදුකාංගයයි.

ලබාගන්න

මෙහිදී ඔබට සිංහල වර්ඩ්ප්‍රෙස් නවතම අනුවාදනය ලබාගන්නට හැකියි. නවතම නිකුතුව ලබාගන්නට දකුණු අත ඇති බොත්තම භාවිතා කරන්න. යම් හෙයකින් ඔබට පැරණි හෝ බීටා අනුවාද ලබාගන්නට අවශ්‍ය නම් ඒවාද මෙතැනින් ලබාගත හැකියි. zip සහ tar.gz යන ගොනු දෙවර්ගයෙන් නිකුත්කිරීම් ලබාදෙනු ලැබේ.

ස්ථාපනය කිරීම පිළිබඳව තොරතුරු සඳහා ‘ස්ථාපනය’ යන කොටස බලන්න.

ස්ථාපනය

වර්ඩ්ප්‍රෙස් මිනිත්තු 5ක් ඇතුළත ස්ථාපනය කර සූදානම් කළ හැකි මෘදුකාංගයක් වශයෙන් ප්‍රසිද්ධයි! ස්ථාපනය කරන ආකාරය:

  1. දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
  2. ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
  3. wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
  4. එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න. ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
  5. ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
  6. ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.

සුභ පැතුම්! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්!

අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම් හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.

ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’, ‘si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.

බ්ලොග් අඩවිය

2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

ජූනි 12, 2009

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි

2.8 නිකුත් කළා!

ජූනි 11, 2009

වර්ඩ්ප්‍රෙස් 2.8 අනුවාදය අද නිකුත් කළ අතර එහි සිංහල අනුවාදය දැන් මොහොතකට පෙර නිකුත් කෙරුණා. දැන්ම නව අනුවාදය ලබාගන්න! ‍පරිවර්තන දෝෂ ඇත්නම් මෙහි ප්‍රතිචාරයක් සටහන් කිරීම මගින් දැනුම් දෙන්න

2.7 නිකුත් කළා

දෙසැම්බර් 12, 2008

ඊයේ වර්ඩ්ප්‍රෙස් 2.7 නිකුත් වුණ අතර අද දින 2.7 හි සිංහල අනුවාදය නිකුත් කිරීමට හැකිවුණා. මෙහි අතුරුමුහුණත් බොහෝ වෙනස් වී තිබෙන අතර සියලු කටයුතු පෙර අනුවාද වලට වඩා පහසුවෙන් ඉක්මණින් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. 2.7 හි තිබෙන නව විශේෂාංග රාශියක් අතරින් ස්වයංක්‍රීය යාවත්කාල කිරීම බොහෝ විශේෂයි. මේ මගින් ඉදිරියේදී නව නිකුතු ශ්‍රමිකව යාවත්කාල කිරීමක් […]

ආයුබෝවන්!

නොවැම්බර් 11, 2008

සිංහල බ්ලොග් මැරතන් දවස් වල යාලුවො ටික නුවර ආපු වෙලාවෙ ඇතිවෙච්ච අදහසක් අද සාර්ථකව දියත් කරන්න හැකි වුණා. ඒ වෙන මොකක්වත් නෙවෙයි වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කිරීම. ඔව් දැන් ඔබට වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණ මෘදුකාංගය සිංහල භාෂාවෙන් භාවිතා කරන්නට පුළුවන්. අද දින ඇරඹූ මෙම අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් පිළිබඳ නවතම තොරතුරු ඉදිරියට ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් තවත් […]