ආයුබෝවන්!

සිංහල බ්ලොග් මැරතන් දවස් වල යාලුවො ටික නුවර ආපු වෙලාවෙ ඇතිවෙච්ච අදහසක් අද සාර්ථකව දියත් කරන්න හැකි වුණා. ඒ වෙන මොකක්වත් නෙවෙයි වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කිරීම. ඔව් දැන් ඔබට වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණ මෘදුකාංගය සිංහල භාෂාවෙන් භාවිතා කරන්නට පුළුවන්. අද දින ඇරඹූ මෙම අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් පිළිබඳ නවතම තොරතුරු ඉදිරියට ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් තවත් බලා නොඉඳ සිංහල වර්ඩ්ප්‍රෙස්ම දැන්ම ස්ථාපනය කරගන්න!