බ්ලොග් අඩවිය

ජූනි, 2009 සඳහා ලේඛනාගාරය

« නැවත බ්ලොග් අඩවිය වෙත

2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

ජූනි 12, 2009, Malinthe Samarakoon

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි :)

ප්‍රතිචාර නොමැත

2.8 නිකුත් කළා!

ජූනි 11, 2009, Malinthe Samarakoon

වර්ඩ්ප්‍රෙස් 2.8 අනුවාදය අද නිකුත් කළ අතර එහි සිංහල අනුවාදය දැන් මොහොතකට පෙර නිකුත් කෙරුණා. දැන්ම නව අනුවාදය ලබාගන්න! ‍පරිවර්තන දෝෂ ඇත්නම් මෙහි ප්‍රතිචාරයක් සටහන් කිරීම මගින් දැනුම් දෙන්න :)

ප්‍රතිචාර නොමැත